වැවේ නාන්න ගිය සිසුහු ගිලී මරුට


(ෂේන් සෙනෙවිරත්න) 

නෙල්ලිගල ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය අසල ඉදිකර තිබූ වැවක දිය නෑමට ගිය දහහත් හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු වැවේ ගිලී මිය ගොස් ඇති බව පේරාදෙණිය පොලීසිය කියයි .

මියගොස් ඇත්තේ සුබ්රනමනියම්  විශ්ව (17) මොහොමඩ් අර්ෆත් (17) නැමැති යහලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි .

එම සිසුන් දෙදෙනා කිසිවකුටත් නොදන්වා  (20) දහවල්  එසේ දිය නාමින් සිටියදී වැවේ ගිලී මිය ගොස් ඇති අතර ප්‍රදේශවාසියකු ඒ බව දැක පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය මැදිහත්ව ඔවුන්ගේ දේහ පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ .

පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ .