වැව්බැම්මක තිබී ආයුධ තොගයක් හමුවෙයි


(ගයාන් සූරිය ආරච්චි)

ගලෙන් බිඳුණු වැව, කුරුළු වැව දේවාලය අසල වැව් බැම්මේ තිබී ආයුධ තොගයක් ඊයේ (23) සොයා ගත් බව ගලෙන් බිඳුනු වැව පොලිසිය පවසයි.

මෙම ආයුධ තොගය එම ස්ථානයට  කිසියම් පුද්ගලයෙකු විසින් ගෙනවිත් තබන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

එම ස්ථානයේ තිබී ටී පනස් හය උණ්ඩ 10 ක්, එල්.එම්.ජී ජීව උන්ඩ දහ අටක්, ටී පනස් හය මැගසීනයක්, බෝම්බ ප්ලේට් එකක්, උන්ඩ පෙට්ටි යතුරක්ද පොලිසිය සොයාගෙන ඇත.

මෙම ආයුධ තොගය එම ස්ථානයට ගෙනවිත් දැමූ පුද්ගලයන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.