වැලිගමින් සැක භාණ්ඩ අල්ලයි


(තරංග ගුණරත්න)

වැලිගම දෙනිපිටිය බණ්ඩරවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ  යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුම් කට්ටල කීපයක් සහ කඩු දෙකක් සහ කුඩා තරාදියක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3210 සමග තරුණයකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.

වැලිගම පොලිසියට ලද තොරතුරක් මත දෙනිපිටිය බණ්ඩරවත්ත ප්‍රදේශයේ පිහිටි පදිංචිය අතහැර දමා තිබූ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම සැක කටයුතු භාණ්ඩ හමුව තිබේ.ෙ

සැකකරු වයස 23 වන අතර වැලිගම පොලිස් වසමෙි පදිංචිකරුවකු බව පොලිසිය කියයි. තවද මෙම සැකකරු සිටි බව කියන නිවසේ කාමරයේ තිබි යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුම් කට්ටල කීපයක් සහ කඩු දෙකක් ,මත්ද්‍රව්‍ය පැකට් කිරීම සඳහා යොදා ගන්නා පොලිතින් කවර, කුඩා ඩිජිටල් තරාදියක්, සොයා ගැනීමට හැකි වී තිබේ.