වැලිගම ලංකා බැංකු ශාඛාව වහයි


(තරංග ගුණරත්න)

ලංකා බැංකුවේ වැලිගම නගර ශාඛාවේ සේවය කරන නිලධාරීන් තුන් දෙනකු කොවිඩ් ආසාදිතයින්  හඳුනාගැනීම සමඟ වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ උපදෙස් මත එම බැංකුව  වසා දැමීමට පියවර ගත් බව එහි බැංකු කළමණාකාරීත්වය කියයි .

වැලිගම ලංකා බැංකු ශාඛාවේ සේවය කරන නිලධාරීයකු කොවිඩ් ආසාදිත බවට (03 ) තහවුරු විම සමග එම ශාඛාවේ සේවය කරන නිලධාරීන් 29 දෙනකු ඇන්ටිජන් පරික්ෂාවට ලක්කිරීමට වැලිගම මහජන සෞඛ්‍යය පරීක්ෂක කාර්යාලය පියවර ගෙන තිබිණි. එහිදී සේවකයන් තිදෙනකුට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.