වැලිකඩ බන්ධනාගාර කාන්තා සිරකුටියකින් ජංගමදුරකතන-සිම්පත් තොගයක් අත්අඩංගුවට


( ජයන්ත සමරකෝන්)

වැලිකඩ බන්ධනාගාර බුද්ධි අංශය විසින්  බන්ධනාගාර කාන්තා අංශයේ සිදු කළ විශේෂ වැටලීමකදී  එහි එසෙඩ් අංශයේ සඟවා තිබී ජංගම දුරකතන 28 ක් එම බැටරි 200,සිම්පත් 8 ක් ඇතුළු දුරකතන උපාංග තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙම බැටරි බන්ධානාගාර තාප්පයට පිටින් පිහිටි වනාතමුල්ල සීවලී පටුමග පෙදසින්  බන්ධනාගාරය තුළට විසි කර ඇතැයිද  පරීක්ෂණ වලදී හෙළිව ඇත.
 
එමෙන්ම සිරකුටියේ සිවිලිම යට,වැසිකිළියේ සහ අපද්‍රව්‍ය  භාජනතුළ  සඟවා තිබීයදී මෙම භාණ්ඩ සොයාගෙන තිබේ.
 
මෙම වැටලීම සඳහා බන්ධනාගාර කාන්තා බුද්ධි අංශයේ නිලධාරිනියන් 8 ක් ඇතුළු 13 ක්   සහභාගීවී ඇතැයිද ආරංචිමාර්ග කියයි.