වැලිකඩ ඕ.අයි.සී රිමාන්ඩ්


(මනෝප්‍රිය ගුණසේකර)

අන්තර් ජාල ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර නීතිවිරෝධී ආකාරයෙන් ආපසු ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලූ බව කියන වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති ලබන 9 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි  කොළඹ මහෙස්ත්‍රාත් අසංක එස්.බෝදරගම මහතා නියෝග කළේය. 

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශය  මෙම සැකකරු අත්අඩංගුවට ඊයේ  අත්අඩංගුවට ගත්තේය.