
(මනෝප්‍රිය ගුණසේකර)
නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු නඩුවට අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කර සිටි නාරාහෙන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් හත්දෙනෙකු ඇප මත මුදාහැරීමට මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත් ශර්මිලා සහබ්දීන් මහත්මිය නඩුව යළි කැඳවන නොවැම්බර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අද (26) වැනිදා නියම කළාය.
නඩුවට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අධිකරණය කිහිප වරක්ම නොතිසි නිකුත් කර තිබුණත් වසර 1 1/2කට අධික කාලයක් තිස්සේ උසාවියේ පෙනී නොසිටි අදාළ අධ්‍යක්‍ෂවරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය පෙරේදා (25) වරෙන්තු නිකුත් කිරීමට පසු දිනය වු ඊයේ (26) දිනයේදීම විත්තිකාර අධක්‍ෂවරුන් හත්දෙනෙකුම අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව ඔවුන්ට ඇප නියම කළ වැඩබලන මහේස්ත්‍රාත්වරිය විත්තිකරුවන්ට එරෙහිව නිකුත් කර තිබු වරෙන්තු ආපසු කැඳවීමටද නියම කළාය.
උසාවියට බාරවීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 05 බැගින් වටිනා ඇප මත මෙලෙස මුදාහරින ලද්දේ නාරාහෙන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වන අශෝක පතිරගේ. මංජුල කරුණාරත්න. සුදර්ශන් අහංගම. හැරිස් ප්‍රේමරත්න. සිවකුමාර් සෙල්ලයියා. හර්ෂ කුමාර් කයිමාල් සහ අජිත් කරුණාරත්න නමැත්තන්ටය”

