(සුජිත් හේවාජුලිගේ)
පාසල්වල අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත.
අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින ඇතැම් ග්‍රාමීය පාසල්වල ගුරුවරුන් අතිරික්ත සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනවිරත්න මහතා පැවසීය.
එසේම ඇතැම් පාසල්වල ගුරු හිඟයක් පවතින බවත් ලබන වසරේ සිට රට පුරා ගුරුවරුන් තුලනය කිරීමට පියවර ගන්නා බවත් ඔහු කීවේය.