වැඩබිම්වලින් බඩු ඉස්සූ අයෙක් අත් අඩංගුවට


(දිලංගා ගෝමස්)

ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානවල සේවයේ යෙදෙමින් එහි ඇති යන්ත්‍රෝපකරණ සොරා ගන්නා ලද පුද්ගලයකු අද අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය පවසයි.

නාරහෙන්පිට, නුගේගොඩ , කිරුළපන, දෙමටගොඩ යන ප්‍රදේශවල පිහිටි වැඩ බිම් වලින් සොරා ගන්නා ලද ග්‍රයින්ඩර් 8 ක් ඉණිමං 5 ක් සහ හිල්ටි මැෂින් 5 ක් සොයා ගැනීමට හැකි වූ බව නාරාහේන්පිට පොලිසිය පවසයි.

දීර්ඝ කාලයක් තිස්සේ සැකකරු විසින් වැඩ බිම් වල සේවය කරන මුවාවෙන් රැදෙමින් එම ස්ථානයන්හි ඇති යන්ත්‍ර සූත්‍ර සොරා ගෙන ඒවා ඉතා අඩු මුදලට විකුණා මත් ද්‍රව්‍ය පානයෙහි යෙදී ඇතැයි පොලීසිය පවසයි.

නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් සීසීටීවී දර්ශන ඔස්සේ සිදු කරන ලද විමර්ශන වලින් අනතුරුව 52 හැවිරිදි නාරහේන්පිට ප්‍රදේශයේම පදිංචිකරුවකු වන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසීය.