වැඩබලන සුව ඇමති හංසක විජේමුණි


(අංජුල මහික වීරරත්න)

වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා මේ දිනවල දිවයිනෙන් බැහැර ව ගොස් ඇති අතර, ඒ මහතා නැවත දිවයිනට පැමිණෙන තෙක් වැඩබැලීම සඳහා මෙම පත්කිරීම සිදු කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ වෛද්‍ය හංසක විජේමුණි මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාය.