
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියක සඟවාගෙන නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදුණු වැඩ තහනමට ලක් කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
එම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සමඟ නීති විරෝධී මත්පැන් මිලිලිටර් 3750 ක් පොලිස් භාරයට ගෙන ඇත.
බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ පදිංචි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන බවත් ඔහු සිය යතුරුපැදියේ අසුන යට සඟවාගෙන විවිධ ස්ථානවලට ලැබෙන ඉල්ලුම පරිදි ප්‍රවාහනය කරමින් මත්පැන් අලෙවියේ යෙදෙන බවත් බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරකට අනුව බණ්ඩාරගම- ජාතික පාසල අසලදී මත්පැන් සමඟම අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර උප පොලිස් පරික්ෂකවරයා බොරැල්ල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී මත්පැන් පානය කර රාජකාරි කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්වූ නිලධාරියකු බවත් මීට පෙර විවිධ විෂමාචාර ක්‍රියාව හේතුවෙන් අවස්ථා ගණනාවකදී වැඩ තහනමට ලක්ව ඇතැයිද බවත් පොලිසිය සඳහන් කරයි.

