වැඩ කරන රාජ්‍ය සේවයක් අනිවාර්යයෙන් හදනවා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

රාජ්‍ය නිලධාරීන් කාර්යක්ෂමව වැඩ කරන ඉතාම හොඳ රාජ්‍ය සේවයක් අනිවාර්යයෙන්ම නිර්මාණය කරන බව කෝප් කමිටු සභාපති ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"කෝප් කමිටුව ආයතනයක් ගෙන්නනවා බනිනවා යවනවා වගේ අදහසක් සමාජයේ තියෙනවා. අප කෝප් කමිටුව බාරගත් පසුව ඒ කටයුතු පවත්වාගෙන යාමේදී ඉතා වගකීමෙන් කටයුතු කර තිබෙනවා.

ජනතාව ලබාදුන් පරමාධිපත්‍ය බලය අනුව මූල්‍ය විනය පවත්වා ගැනීමට දායක විය හැකි වැදගත්ම ආයතනයක් ලෙස කෝප් කමිටුව  හඳුන්වා දිය හැකියි.කෝප් කමිටුව ගැන සමාජය දකින පෙනුම වෙනස් කර මේ රටේ සිදුවන මූල්‍ය වංචා අවභාවිතා කටයුතු සම්බන්ධයෙන් නිශ්චිත නීති ක්‍රියාමාර්ග කරා එළඹීමට කෝප් කමිටුවට බලය ලබාගත යුතුව තිබෙනවා.අපි විගණනය ගැන දැවැන්ත විශ්වාසයක් තිබෙන ව්‍යාපාරයක්.මේ රටේ මහජනතාවගේ පැවැත්මට ඉතා හානිකර ලෙස තිබෙන වංචාව දූෂණය නාස්තිය මගහරවා ගත යුතුව තිබෙනවා.විද්‍යාත්මක ක්‍රමයකට ආයතන කෝප් කමිටුවට කැඳවා ගැනීමේ ක්‍රමයක් අප යෝජනා කර තිබෙනවා.මේ වන විට ආයතන 14ක් පූර්ණ විමර්ශනය කර තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.