වාහන හතරක ගැටී මෝටර් රිය ඇළකට වැටේ : තිදෙනෙකුට තුවාලයි


  (මොහොමඞ් බුහාර්ඩින්)


සංචාරක මගපෙන්වන්නෙකු  පැදවු මෝටර් රියක්  වාහන 4 ගැටිමෙන් අද ( 30)  සිදුවු රිය අනතුරකින් සංචාරකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රොහල් ගත කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි


මෙරටට පැමිණි ජපන් ජාතිකයෙකු කොළඹ සිට පොලොන්නරුව බලා මෝටර් රථයකින් රැගෙන යමින් සිටි සංචාරක මග පෙන්වන්නෙකු පැදවු කාර් රථයේ වේගය පාලනය කරගත නොහැකිව ගලේවෙල කලහකැලේ ප‍්‍රදේශයේදි මාර්ගය අසල නවතා තිබු ලොරි රථ දෙකක යතුරුපැදියක හා ති‍්‍රරෝද රථයක ගැටි පාරෙන් දකුණු පසින් ඉවතට පැන ඇළ මාර්ගයකට පෙරලි ගිය බව පොලිසිය කරන ලද මුලික විමර්ශන වලදි  හෙළි වී තිබේ.


අනතුරන් පසු කම්පනයට පත් වු ජපන් ජාතික විදේශිකයා යතුරුපැදියේ සිටි තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා ගලේවෙල දිසා රොහලට  ඇතුළත් කර ඇත.


අනතුරින් වාහන කිහිපයටම දැඩි ආලබහානි සිදුවි ඇත 


සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප‍්‍රනාන්දු මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හරිස්චන්දු මහතා වැඩිදුර විමර්ශන සිදු කරයි