වාලම්පුරියක් කෝටි දෙකකට විකුණන්න ගෙනෙද්දී අල්ලයි



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දුර්ලභ වර්ගයේ  වාමාවෘත  ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටි දෙකකට  විකිණීමට කොටුව  ගාලුමෝදරට රැගෙන ආ පුද්ගලයකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි.

නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇත.

විශාලත්වයෙන්  දිගින් අඩියකට වැඩි ප්‍රමාණයක්,මෙන්ම එහි බර කිලෝ ග්‍රෑම් කිලෝග්‍රෑම් එකකට අධික බව වැටලීම සිදු කළ පොලිස් කණ්ඩායමේ උසස් නිලධාරියෙක් පැවැසීය.