වායු රයිපලයෙන් පියා පුතාට වෙඩි තියලා


(රවින්ද්‍ර ලියනගේ සහ හිරාන් ප්‍රියංකර)

වායු රයිපලයකින්  පුතා වෙඩි තබා ඝාතනය කිරිමට තැත්කළ ආඩිගම කඩයන්දලුව ප්‍රදේශයේ පදිංචි පියකු අත් අඩංගුවට ගත් බව පල්ලම පෙලීසිය කියයි.

වෙඩි වැදිමෙන් තුවාල ලබා ඇත්තේ ආඬිගම කඩයන්දලුව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණෙයෙකි.

ඔහු ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කළ සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා  පුත්තලම මුලික රෝහලට මාරුකර යවා ඇත.

පියා හා පුතා අතර කලක සිට නිතර නිතර නිවසේදි බහින් බස් වෙමින් ආරවුල් ඇතිකර ගන්නා බවත්  දෙදෙනා අතර බහින් බස් විමකදි පියා සිය පුතාට වායු රයිපලයකින් වෙඩි තබා ඇති බවත් පොලිසිය කියයි.