ව්‍යාපාරිකයා ඝාතනය කළැයි දෙදෙනෙකුට මරණ දඬුවම්


(මනෝප්‍රිය ගුණසේකර)

 
සපත්තු ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇති වූ  ආරවුලකදී  ව්‍යාපාරිකයාට පිහියෙන් ඇන ගෙල  සිර කර මරා දැමීයැයි චෝදනාවකට වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනකුට  කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා  අද (19)  මරණ දඩුවම් නියම කළේය.
 

මෙලෙස මරණ දඬුවම් නියම වූයේ මල්ලවආරච්චිගේ ජයතිස්ස සහ  බී.එල් ප්‍රදීප් කුමාර නැමැත්තන්ටය .
 
2008 වසරේ නොවැම්බර් 11 වැනිදා  වැලිකඩ ප්‍රදේශයේදී රාජා ආනන්ද එදිරිසිංහ නැමැති සපත්තු ව්‍යාපාරිකයා  මරා  දැමී යැයි විත්තිකරුවන්ට එරෙහිව තිබූ චෝදනා පැමිණිලිකරු විසින්  සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි  තීරණය කළ විනිසුරුවරයා ඔවුන්ට මෙලෙස මරණ දඬුවම් නියම කළේය.