(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කළ යුතු විපක්ෂයේ සුළු පක්ෂවල නියෝජිතයා සම්බන්ධයෙන් එම සභාවේදී අද (25) සාකච්ඡා කර ඇතත් ඒ පිළිබඳව අවසාන එකඟතාවක් ඇති නොවුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (25) පෙරවරුවේ පැවැත්විණ.
මෙම රැස්වීම සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක් වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේදී ඊයේ සාකච්ඡා නොකෙරුණු බවයි.
එහිදී සාකච්ඡා කෙරුණේ එම සභාවේ ඝනපූර්ණය සහ එහි ඉදිරි රැස්වීම් පවත්වන ආකාරය ඇතුළු කටයුතු සම්බන්ධයෙන් පමණක් බවද ඔහු සඳහන් කළේය.

