වළ දමා තිබූ ක්ලේමෝ බෝම්බයක් හමුවේ


(ඩබ්. ඒ. පියතිලක)

මනම්පිටිය කොළණිය ගම්මානයේ ගොවියෙකු ඉඩමක වළක් හැරීමේදී ක්ලෝමෝ බෝම්බයක්  හමු වී ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.
 
බෝම්බය හමු වී ඇත්තේ  කොළණිය පාර, මනම්පිටිය ලිපිනයේ පදිංචි සිටින  කේ. පී. සෞම්‍ය රාජා  නැමැති ගොවියාටය.  
 
ක්ලෝමෝ බෝම්බයක්, ක්ලෝමෝ බෝම්බ රදවනයක්  සහ ඩෙටනේටර් දෙකක් පොලිතින් කවරවල ඔතා බුලියක දමා වල දමා තිබියදී හමු වී ඇත.  
 
මැරුණු ගව පැටියෙකු වළ දැමීමට පාලු ඉඩමේ වළක් කපනවිට බුලියක් හමුවූ බවත්, එහි බෝම්බයක් තිබී හමුවූ බවත්, ඒ බව පොලිසියට දැනුම්දුන් බවත්  ගොවිමහතා පැවසීය.
 
මෙම ක්ලේමෝ බෝම්බය  පසුගිය යුද සමයේ සඟවා තිබූ එකක් බවට පොලිසිය සැක කරයි.
 
පොළොන්නරුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.