වසරකදී කෝටි තුනක ගිනුම් පවත්වාගෙන ගිය කතක් අල්ලයි


(ඉන්දිකා රාමනායක)

වසරක් තුළ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ගිනුම් තුනක පවත්වාගෙන ගිය කාන්තාවක් කැළණිමුල්ල ප්‍රදේශයේ දී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කුඩු ආශා නමින් හැඳින්වෙන සැකකාරිය අංගොඩ ලොක්කා නැමැති සංවිධානාත්මක අපරාධ අපරාධකරුගේ ගෝලයකු වූ චමියා නැමැත්තාගේ අනියම් බිරිඳ බවත් ද පොලිසිය පවසයි .

මෙම මුදලින් සැකකාරිය මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ ලක්ෂ 50 ක වියදමින් කඩ කාමර මිලදී ගෙන ඇති බවද පොලිසිය කියයි .

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් මෙලෙස ගිණුම් බැර කරගෙන ඇති බවත් 2019, 2020 යන වසරවලදී මෙම වසරවලදී මෙම ගිණුම්වල මුදල් සංසරණය වී ඇති බවද පොලිසිය සඳහන් කරයි .