වසර පහකදී ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කරයි


(අංජුල මහික වීරරත්න)

ලංකාවෙි  මුළු විදේශ ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 41.5කින් වසර පහකදී කාලයකදී ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා  ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේදී පැවසීය.

ඒ අනුව දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී  සේවක අර්ථසාධක අරමුදල සහ සේවක බාරකාර අරමුදල ගෙවා ඇති විශ්‍රාමික අරමුදල් ප්‍රතිලාභ අනුපාතිකය ඇතුළු කිසිදු විශ්‍රාමික අරමුදල්වල සාමාජික ශේෂයට බලපාන්නේ නැති බව ද ජනාධිපතිවරයා එහිදී කීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම බැංකු පද්ධතියේ තැන්පතුවලට බලපාන්නේ නැති බවත් දැනට ගෙවනු ලබන බැංකු තැන්පතු සඳහා කිසිදු පොලියකට බලපෑමක් නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.