වසන්තට - සිරිධම්ම හිමිට එරෙහි චෝදනා ඉවත් කරන්න


(විමුක්ති එස් රුද්‍රිගු)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහිව ඇති පදනම් විරහිත ත්‍රස්ත විරෝධී චෝදනා වහා ඉවත් කළ යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපීය පර්යේෂක ත්‍යාගි රුවන්පතිරණ මහත්මිය පවසයි.

රැඳවුම් නියෝගය දීර්ඝ නොකළ යුතු බව ද  ත්‍යාගි රුවන්පතිරණ මහත්මිය පවසා තිබේ.

ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ ප්‍රමිතීන්ට නොගැලපෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම බල රහිත කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සංවිධානය ප්‍රකාශ කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සියලුම දෙනා රඳවා තබා ගැනීම බලධාරීන් වහාම සමාලෝචනය කළ යුතුවා සේම ඔවුනට ඇප ලබා ගැනීමට සාධාරණ ප්‍රවේශයක් ලබා දිය යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.