
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ජනතාවට වස කවන ආයතන රටට හෙළි කරන්නැයි ඉල්ලා සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණ කොළඹ නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඉදිරිපිට දී අද (09) පැවැත්විණ.
සමාජවාදී තරුණ සංගමයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම කුඩා දරු දැරියන් ඇතුළුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විවිධ රසායනික ද්‍රව්‍ය හා විෂ අඩංගු වෙළඳපොලේ දැනට ඇති ආහාර වර්ග වහාම හෙළි කරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.
ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා







