
(මහින්ද නිශ්ශංක)
දෙවන දිනටත් ක්‍රියාත්මක දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද (11) පස්වරුවේදී පැවැත්වෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.
වර්ජනයට අනිකුත් දුම්රිය වෘත්තීය සමිති සහය ලබා ගැනීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරෙන බව ද ඔහු කීහ.
වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විහිළුකාරයෙක් බවට පත්ව ඇතැයි පවසන සභාපති සුමේධ මහතා ඉතා පහසුවෙන් විසදුම් ලබා දිය හැකි අපේ ඉල්ලීම් ඉටු කිරීමට සාමාන්‍යාධිකාරීවරයා අපොහොසත්වීම වර්ජනය දිග්ගැස්සීමට හේතුවක් බවද පැවසීය.

