වයිරසයෙන් ලොව පුරා 4,000ක් මිය ගිහින්


කොරෝනා වයිරසය ව්‍යාප්තවීමෙන් ලොව පුරා පුද්ගලයන් 4,000ක් මිය ගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.

එසේම, පුද්ගලයන් 113,000කට වයිරසය ආසාදනය වී ඇත.

චීනයේ පුද්ගලයන් 80,700ක් ආසාදිත තත්වයේ පසුවන අතර 3,100දෙනෙකු මිය ගොසිනි.

කෙසේවෙතත් රටවල් 95කට මේ වනවිට වයිරසය ව්‍යාප්තවී ඇති බව වාර්තා වේ.

ඇමෙරිකාවේ පුද්ගලයන් 550ක් ආසාදිතයන් බවට පත්ව ඇත.  වොෂින්ටන් ප්‍රාන්තයේ 22දෙනෙකු, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ දෙදෙනෙකු සහ කැලිෆෝනියා ප්‍රාන්තයේ දෙදෙනෙකු වශයෙන් 22දෙනෙකු මිය ගොසිනි. එසේම, ඇමෙරිකාවේ ප්‍රාන්ත 22කට මේවනවිට වයිරසය ව්‍යාප්තවී ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ වනවිට ජපානයේ 1,210දෙනෙක් ආසාදිත තත්වයේ පසුවෙති.

මිය ගිය පුද්ගලයන් බහුතරය අවුරුදු 70 සහ ඊට වැඩි පුද්ගලයන් බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.‍

(සීඑන්එන් ඇසුරිනි)

16844