
(වසන්ත චන්ද්‍රපාල)
වනජීවි දෙපාර්මේන්තුව මගින් වදුරන් සහ රිලවුන් අතර කරන ලද පරීක්ෂණයකදි සිපිලිස් නැමැති රෝගයට සමාන ලක්ෂණ ඇති වදුරන් සහ රිලවුන් හමුවු බව නැගෙනහිර වනජීවි පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පැවසිය.
මෙම වදුරන් සහ රිලවුන්ගේ සාම්පල් ගෙන පරික්ෂා කිරිමේදි චොපලිමා පැලඩිම් කියන ස්පයිරොක් කියන වර්ගයට අයත් බව තහවුරු කර ගන්න පුලුවන් වූ බවද වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පැවසිය.
පොලොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවලදි රිලවුන් ගේ සහ වදුරන් ගේ ලිංගිශ්‍රිතව, ගුදමාර්ගය අශ්‍රිතව සහ සමේ යම් ආසදන තත්වයන් වැඩිපුර දැක ගැනිමට හැකිවු බවද සදහන් කලේය.
මෙම සතුන් වන්දනා නඩ ගැවසෙන ස්ථානවල නිතරම සිටින අතර ආසාදන සහිත සතෙක් ඉදිගෙන සිටි ස්ථානයක කවුරුන් හෝ මනුස්සයෙක් ඉදගැනිම සිදුකරොත් වදුරන්ගේ රෝගීතත්වය නිසා ඇතිවන ශ්‍රාවයන් ශරීරයේ ගෑවුනොත් මිනිසාට ද මේ රෝග තත්වය ඇති වන බව පැවසිය.

