(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී කළැයි කියන ප්‍රකාශයකට විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය බත්තරමුල්ල පොල්දූව මංසන්දියේදී අද (6) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වූහ.
"වන සතුන් ඝාතනයට ඉඩ දෙන ලාල් කාන්තගේ ප්‍රකාශයට එරෙහි වෙමු" ගම් වදින අලි කැලෑ වදින අලි බවට පත් කරනු"" ශ්‍රී ලංකාවේ ජීවත් වීමට වන සතුන්ටද අයිතියක් ඇත" ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.
(ඡායාරූපය:- ගයාන් අමරසේකර)