(අමදෝරු අමරජීව )
මාළු ඇල්ලීම සඳහා ලංකා පටුන ප්‍රදේශයට යතුරුපැදියකින් ගොස් ආපසු එමින් සිටි දෙදෙනෙකුට සුමේධංකරපුර ප්‍රදේශයේදී ඊයේ (23) අලුයම එල්ල වූ වල් අලි ප්‍රහාරයකින් එක් අයෙක් මිය ගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා ඇතැයි සේරුනුවර පොලිසිය කියයි .
මෙසේ මිය ගොස් ඇත්තේ මූතූර්, මලිගතිව් පදිංචි තම්බිරාසා වර්ණ කුලරත්නම් (47) නමැති අය වන අතර තුවාල ලැබූ අනෙක් පුදුගලයා මූතූර් රෝහලට ඇතුළු කර තිබේ.