(සුනිමල් හේවගේ )
වන අලියෙකු පහර දීම නිසා මින්නේරිය රජඇල මහසෙන් මාවත පදිංචි පුද්ගලයකු ඊයේ (12) රාත්‍රී මරුමුවට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.
මෙසේ මරු මට පත්ව ඇත්තේ මින්නේරිය රජඇල මහසෙන් මාවත බී 43/10 දරණ ස්ථානයේ පදිංචි ලංකාතිලක බණ්ඩාර රාජපක්ෂ වාසල අතපත්තුු මුදියන්සේලා රාළහාමිලාගේ සුනිල් බණ්ඩාරනායක නමැති හැට හය හැවිරිදි පුද්ගලයෙකි.
ඊයේ (12) රාත්‍රී දහයයි තිහට පමණ ශරීර කෘතෘයක් කිරීම සඳහා නිවසේ පසු පසට යාමේදී අලියා විසින් පහර දීම නිසා බරපතළ තුවාල ලැබීමෙන් අනතුරුව හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත් කළපසු මරමුවට ඇති බව පොලිසිය කියයි.