(රංජිත් රාජපක්ෂ)
ජාත්‍යන්තර තේ දිනය යෙදී ඇති (21) දින කම්කරු අයිතිවාසිකම් ඉල්ලා වතු කම්කරුවෝ පිරිසක් නුවරඑලිය මහ නගර සභා පුරහල ඉදිරිපිට උද්ගෝෂණයක නිරත වූහ.
මහනුවර ප්‍රදේශයේ ක්‍රියාකාරි රාජ්‍ය නොවන සංවිධානයක් සිවිලි ක්‍රියාකාරකයින් සහ වතු වෘත්තීය සමිති කිහිපයක් එක්ව මෙම උද්ගෝෂණය සංවිධානය කර තිබුණි.
මෙම උද්ගෝෂණයේදි අදහස් දැක්වූ සංවිධායකයන් කියා සිටියේ රටේ ආර්ථීකයට වතු ප්‍රජාවගෙන් විශාල දායකත්වයක් ලැබුණද එම ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් ලබා දීමට මෙතෙක් කිසිවකුත් කටයුතු කර නොමැති බවයි.
දැනට ඔවුන් වෙත ලබා දී ඇති අයිතිවාසිකම් දිනෙන් දින කප්පාදුකරමින් සිටින බවත්, වතුකම්කරුවන්ට මූලික වැටුප රු.1700/= දක්වා ඉහළ දැමිය යුතු බවයි.