වත්තේගම මාළු ව්‍යාපාරිකයාගේ ඝාතනයට 3ක් සැකපිට


(ෂේන් සෙනෙවිරත්න)

මහත් ආන්දෝලනයකට තුඩුදුන් වත්තේගම මාළු අලෙවි ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අද (13) අත්අඩංගුවට ගෙන තිබේ.

එම ආන්දෝලනාත්මක ඝාතනයේ වැඩිදුර විමර්ශන කටයුතු මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට භාර කොට තිබුණි.

මාතර දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම සැකකරුවන් සමඟ ඝාතනයට භාවිතා කළ බවට සැක තියුණු ආයුධ 04 ක් සහ රුපියල් 370,000 මුදලක්ද ඔවුන් සන්තකයේ තිබියදී සොයා ගෙන තිබේ.

වත්තේගම නගරයේ මාළු ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතර පැවති විරසකයක් හේතුවෙන් එම ඝාතනය ඉකුත් ජනවාරි මස 03දා ඔහුගේ නිවස ඉදිරිපිට දී සිදුකොට තිබූ අතර එසේ ඝාතනය කරනු ලැබූයේ වසන්ත සංජීව නමැති 39 හැවිරිදි අවිවාහකයෙකි.