(අජන්ත කුමාර අගලකඩ)
මෙවර මහ කන්නයේ වගා හානි වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රමවේදය ඇතුළත් සැලැස්මක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත.
ඒ අනුව,අක්කරයකට වඩා අඩු වගාබිම් සඳහා අඩුවන වී කිලෝ ග්‍රෑමයකට රුපියල් 50 බැගින් ද ,අක්කරයත් අක්කර දෙකහමාරත් අතර වගා බිම් සඳහා වී කිලෝවකට රුපියල් 37.50 බැගින් ද, අක්කර දෙකහමාරත් අක්කර 5ත් අතර වගා බිම් සදහා වී කිලෝවකට රුපියල් 25 බැගින් ද වන්දි ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යංශය යෝජනා කර ඇත.
වගා හානි ගණනය කරන ක්‍රමවේදය ද කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් රජයට ඉදිරිපත් කර තිබේ.

