ලෝඛකාධිකාරිගේ නිවසේ වැඩට සේවකයන් යැවූ නිලධාරින් දෙදෙනකු සේවයෙන් ඉවතට


(නිමන්ති රණසිංහ)

පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයාගේ නිවසේ අලුත්වැඩියාවකට සේවක පිරිසක් යොදා ගත්තැයි කියන සිද්ධියට අදාළව තවත් නිලධාරින් දෙදෙනකු සේවයෙන් ඉවත් කර ඇතැයි පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

විශ්ව විද්‍යාලයේ පාලක සභාව ගත් තීරණයකට අනුව මෙසේ සේවයෙන් ඉවත් කර ඇත්තේ පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ වැඩ ඉංජිනේරුවරයා සහ වැඩ අධිකාරිවරයා ය.

මෙම සිද්ධියට අදාළව පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරිවරයාගේ සේවය අත්හිටවූයේ ඉකුත් 30 වැනිදාය.

ලේඛකාධිකාරීවරයාගේ නිවස අලුත්වැඩියාව සදහා රාජකාරි වේලාවේදී විශ්ව විද්‍යාල සේවක පිරිසක් යොදා ගැනීම, ඒ සදහා විශ්ව විද්‍යාල වැඩ දෙපාර්තමේන්තුවට අයත් උපකරණ තොගයක් අනුමැතියකින් තොරව ලබා ගැනීම යන චෝදනා මත සිදුකරන ලද පරීක්ෂණයට අනුව මෙම නිලධාරීන් තිදෙනාගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.