ලෝක සාම සමුළුව ඇමතීමට මෛත්‍රී කොරියාවට


(ඩයනා උදයංගනී)

කොරියාවේ විශ්ව සාම සම්මේලනය මගින සංවිධානය කරන ලෝක සාම සමුළුවේ විශේෂ දේශනය පැවැත්වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොරියාව බලා පිටත්විය.

සාම සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් යන් යන්ග් හෝ මහතා කළ ආරාධනයකට අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම දේශනය පැවැත්වීමට නියමිතය.

කොරියාවේ සෝල් අගනුවර දී හෙට (24) ලෝක සාම සමුළුව රැස්වීමට නියමිත අතර එහිදී ලෝක සාමය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා විශේෂ දේශනය පවත්වනු ඇත.