ලොහාන් රත්වත්තේ යළි අත්අඩංගුවට


(ගයාන් සූරියආරච්චි)

බීමතින් ජීප් රථයක් පදවා කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක හප්පා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලොහාන් රත් වත්තේ මහතා අද (6) කොල්ලූපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ලොහාන් රත්වත්තේ  මහතා ඥාතී නිවසකට ගොස් නැවත කොටුව බලා ජීප් රථයෙන් ගමන් කිරීමේදී කොල්ලූපිටිය හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා කොට කල්සමක් ඇඳ සිටි බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

කොල්ලු පිටිය පොලිසියට ලද පැමිණිල්ලක්මත පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම අවස්ථාවට ගොස් සිදුකළ විමර්ශන වලදී ලොහාන් රත්වත්තේ මහතා බීමතින් සිට ඇති බව අනාවරණය වී ඇත

ඒ අනුව ලොහාන් රත් වත්තේ මහතා අත්අඩංගුවට ගත්බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත් ක පොලිසිය පවසයි.

කොළඹ දකුණ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරිය බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි කොල්ලු පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් සී දුෂ්මන්ත මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.