ලොස් ඇන්ජලිස් ළැව් ගින්නේ අලුත්ම තත්වය


(විමුක්ති එස් රුද්‍රිගු)

ලොස් ඇන්ජලිස් ළැව් ගිනිවලින් මියගිය ගණන 24 දක්වා ඉහළ යද්දී සුපිරි ධනවතුන් ටින්සල් ටවුන්හි සුපිරි ධනවතුන් ඔවුන්ගේ මිලියන ගණනක් වටිනා නිවාස සහ සුපිරි දේපළ ආරක්ෂා කර ගැනීමට පැයට ඩොලර් 2000 ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 6 කට ආසන්න මුදලක්) පමණ ගෙවා පුද්ගලික ගිනි නිවන භටයන්ගේ සේවය ලබාගෙන ළැව් ගිනි සිය දේපළ වලට ව්‍යාප්තවීම අඩපණ කිරීම සඳහා රෝස පැහැති ද්‍රාවණයක් ඉසීම බොහෝ දෙනාගේ කෝපයට හේතුවී ඇත.

පැලිසේඩ්ස් ළැව් ගින්නෙන් අද (13) වනවිටද ගිනි නිවන භටයින්ට මැඩ පැවැත්වීමට හැකියාව ලැබී තිබුණේ සියයට 13ක් පමණි. ලොස් ඇන්ජලීස්හි හදිසි සෞඛ්‍ය තත්වයක්ද ප්‍රකාශයට පත්කර ඇත. ලොස් ඇන්ජලිස්හි ළැව් ගිනි ස්ථාන කීපයක පසුගිය 7 වැනිදා ආරම්භ විය.