( නිමන්ති රණසිංහ)
කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව නාවික හමුදා බුද්ධි අංශ ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද මහතා යළි නොවැම්බර් 8 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද (25) නියෝග කළාය.
නගර සභා සේවකයින් දෙදෙනෙකු වන වඩිවේලු ලොගනාදන් හා රත්නසාමී පරමනාදන් නැමැති පුද්ගලයින් දෙදෙනා 2009 වසරේ දී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.
සැකකරු සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂාවක් සැපයීමට වග බලා ගන්නා ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළාය.