(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම අද (7) දිනයේ කොළඹ, ගම්පහ සහ කළුතර (බස්නාහිර පළාත) යන දිස්ත්‍රික්ක තුනට පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර සැපයුම ක්‍රියාත්මක කරන බව එම සමාගම පවසයි.
ලිට්‍රෝ සමාගම පසුගිය 3 වැනිදා සැපයුම අත්හිටුවු අතර ඒ අනුව දින තුනකට පසුව අද ගෑස් සැපයීමට නියමිතය.
www.litrogas.com වෙබ් අඩවියට පිවිසීමෙන් තොග ලැබෙන අලෙවි නියෝජිතයින්ගේ ලැයිස්තුව පරික්ෂා කළ හැකිය.

