(යොහාන් භාසුර)
මෙම වසරේ (2023) ජනවාරි මාසයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකිකයන් 1,678 ක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පුද්ගලයින් 1398 ක් ද, නියමිත සේවා කාලය අවසන් කර යළි එම ස්ථානයටම රැකියාවට ගිය පුද්ගලයින් 280 ක් මෙම පිරිසට ඇතුළත් වන බවත් ඉන් නිෂ්පාදන ක්ෂේත්‍රයට පුද්ගලයන් 1490 ක් සහ ධීවර ක්ෂේත්‍රයේ පුද්ගලයන් 188 පිටත්ව ගිය බවත් එම කාර්යංශය සඳහන් කළේය.
මෙම පිරිසට පිරිමි 1,662 ක් සහ කාන්තාවන් 16 ඇතුළත් බව කී එම කාර්යංශය මෙම වසර තුළදී ශ්‍රී ලාංකිකයින් 6500 ක් දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුකිරීමට අපේක්‍ෂා කරන බව ද සඳහන් කළේය.

