(*** නිමන්ති රණසිංහ)
අයි එස් ත්‍රස්ත සංවිධානයේ අධ්‍යාපන කටයුතු බාරව සිටින ඉෂාක් නැමැත්තා ජමාතේ ඉස්ලාම් මතවාදය දැරූ වාමි සංවිධානයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අංශය බාරව සිටි පුද්ගලයා බවත් ඔහු තරුණයන් අයි එස් සංවිධානයට බඳවා ගැනීම සඳහා මෙරට කඳවුරු ගණනාවක් පවත්වා ඇති බවත්, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (15 වැනිදා) සාක්ෂි ලබාදෙමින් පැවසූහ.
ලෝක මුස්ලිම් තරුණ සංවිධානය (WAMY) හෙවත් වාමි සංවිධානයේ සභාපති සූඩාන ජාතික ඕමාන් එදිරි සල්දාද් නැමැත්තා විකිලීස් වෙබ් අඩවියට අනුව ලෝක ත්‍රස්තවාදියකු බවද ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සිය සාක්ෂිය දෙවැනිවරට කොමිසම හමුවේ ලබාදෙමින් ඊයේ (15) පැවසූහ.
මෙම (WAMY) වාමි සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව පිහිටා ඇත්තේ අංක 658/3/1/1 මහවිල උද්‍යානය කොළඹ 09 නැමැති ස්ථානයේ බවත්, එය 1997 නොවැම්බර් 12 වැනිදා අංක AN43 යටතේ ලියාපදිංචි කර ඇති බවත් ඥාණසාර හිමියෝ සිය සාක්ෂියෙන් සඳහන් කළහ.
වාමි සංවිධානයේ මෙරට ශාඛාවේ අධ්‍යාපන අංශය බාරව කටයුතු කළ ඉෂාක් නැමැත්තා, අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ සිටියදී සිරියාවේදී මියගිය පළමු ශ්‍රීලාංකිකයා වන නිලාම් නැමැත්තාගේ බාල සහෝදරයා වන බවද ඥානසාර හිමියෝ සිය සාක්ෂියෙන් පැවසූහ.
අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා (සභාපති විනිසුරු) අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර සහ අමාත්‍යංශ ලේකම් (විශ්‍රාමික) එම්.එම්. අධිකාරි යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්ෂි විමසීම සිදුවිය.
මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබාදුන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේද පැවැසූහ.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය – ශ්‍රී ලංකාව තුළ මතවාද සංවිධාන වශයෙන් ගොඩනැගී ඇති බවට ඔබවහන්සේ සාක්ෂි ලබාදී තිබුණා. ජමාතේ ඉස්ලම්, තබ්ලක් ජමාද්, තවුහිද් ජමාද්, ඉහ්වාන් මුස්ලිම්, වශයෙන් මතවාද 04 ක් ඇතුළත්ව තිබෙනවා කියලා ඔබවහන්සේ කිව්වා.
ඥානසාර හිමි - තබ්ලික් ජමාද් සංවිධානය ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පෙර මූලාරම්භය ඇතිවුණේ ඉන්දියාවේ. තබ්ලික් කියන්නේ ඉස්ලාමය පතුරවා හැරීමයි. ගෙයින් ගෙට ගිහිල්ලා ඉස්ලාමයට කැඳවීම තමයි ඒ අයගේ අරමුණ. මේක ලංකාවේ විශාල ප්‍රදේශවල පැතිරිලා ගිහිල්ලා තියෙනවා. මහනුවර තිබුණා සුෆී ධර්මය ඇදහූ පල්ලිය අද තබ්ලික් අය පාවිච්චි කරනවා. ජමෙයිකුල් උලමා සංවිධානයේ බාගෙට බාගයක් තබ්ලික් ජමාද් අය. බොහොම අහිංසක විදිහට ලංකාව තුළ ආගම අදහන අය රැඩිකල් කරන්නේ මේ තබ්ලික් ජමාද් අයයි. තබ්ලික් ජමාද් එකේ මෙරට නායකයා වගේ ඉන්නේ රිස්ෆි මුක්ති නමැත්තායි. රටේ මුස්ලිම් ප්‍රශ්නයක් තියෙනවා කියලා දොරටු විවර වුණේම රිස්ෆි මුක්තිගේ ඇතැම් ක්‍රියා නිසා එයා හලාල් ක්‍රමය ඇතිකිරීම තමයි සමාජ බෙදුම්වාදය ඇතිවුණේ. එයා මේ මතවාදය ඇති කළා විතරක් නොවෙයි සාමකාමී මුස්ලිම් සමාජය බෙදුම්වාදයට පත්කිරීමට ඔහු පළමු පියවර තැබුවා.
ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය – උලමා සභාවේ තබ්ලික් ජමාද් නියෝජනය වෙන්නේ කොහොමද?
ඥාණසාර හිමි - උලමා සංවිධානයේ සාමාජිකයන් වශයෙන් 40 ක් විතර ඉන්නවා කියලා අපි දැනගෙන හිටියා. අද තියෙන එක නෙවෙයි හෙට තියෙන්නේ. මුලින්ම අපිත් එක්ක සාකච්ඡාවට ආ පිරිස කිව්වේ මහසම්ප්‍රදායට අනුව හිටපු සුෆී මුස්ලිම් අයට කිසිම ඉඩක් නෑ එහි කියලා.
ඊටත් උඩින් තමයි සුෆී සභා පිහිටුවා ගත්තේ. මේ උලමාවරුන්ගේ ආගමනය වුණේ 1980 අගභාගයේදී. සවුදි තානාපති කාර්යාලය බිහි වුණාට පස්සේ වහාබ් සලෆි මතවාද මෙන්ම සල්ලිත් අරගෙන තමයි මේ අය ආවේ. 1990 දවටගහ පල්ලියේ පිටු 4ක ලේඛනයක් තිබ්බා. එය අවුරුදු 80 ක මවුලවිවරයකු ලියපු එකක් ‘මම දැන් වයසයි. මට තවත් මැද පෙරදිග එන අය දෙන අන්තවාදී අදහස් දරාගන්න බෑ’ කියලා ඔහු ලිපිය ලියලා ගිහින් තියෙනවා. සාම්ප්‍රදායික මුස්ලිම් සහෝදරයෝ තව ලේඛනයක් මට බාර දුන්නා. කාත්තංකුඩියේ සොහොනක් සම්බන්ධයෙන් වූ එකක් සාම්ප්‍රදායික ‘සුෆි’ මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට වර්තමාන උලමා සභාව ඉඩදීලා නැහැ කියලා ඒ ලිපියේ සඳහන් වෙනවා.
තබ්ලික් ජමාද් මතවාදය ආරම්භ වුණේ ඉන්දියාවේ එහි නිර්මාතෘ වන්නේ ‘ඉල්ලියාස්’ කියලා කෙනෙක්. එය ලෝකේ පුරා විහිදුවා ඇත්තේ ‘තලෙයිබාන්’ කියන සංවිධානය මේ ‘තලෙයිබාන්’ අය බාමියන් බුදු පිළිම පවා විනාශ කළා. මේ සංවිධානයේ මෙරට ශාඛාව ‘මර්කස්’ නමින් කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්වල පිහිටුවා තිබෙනවා. ‘නීඩා’, ‘සම් සම් ෆවුන්ඩේෂන්’ ආදි සංවිධාන තමයි මේ අයගේ යටතේ තියෙන්නේ. මේ ඔක්කෝම ඉන්නේ එකම වැඩ පිළිවෙළක ඉන්න අය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය – අන්‍යාගමිකයන් ඔවුන්ගේ ආගමට හරවා ගන්නේ කොහොමද?
ඥානසාර හිමි - ඔව්. මුස්ලිම් වර්ලීගයේත් ඒක සඳහන් වෙනවා. මේකට කියන්නේ ‘දවා’ කිරීම කියලයි. පබ්ලික් ජමාද් අය තමයි මේ දේ කරන්නේ. ගස්තු ආගමික ප්‍රචාරය තමයි මොවුන් කරන්නේ. ගෙයින් ගෙට ගිහින් ආරාධනා කිරීම.
මුස්ලිම් ආගමට හරවා ගත් 8000ක පිරිසක් සම්බන්ධයෙන් අපට තොරතුරු ලැබිලා තියෙනවා. පසුගිය වසර 05ක කාලය තුළ තමයි මේ ආකාරයට නම් වෙනස් කරපු අය ගැන අපට තොරතුරු අනාවරණය වුණේ. නම් වෙනස් කළාම ඒවා පත්තරවල පළ කරන්න ඕනැ නේ. අපි ඒක දැක්කේ පත්තරවලින්. සිංහල පත්තරවල නම් වෙනස් කිරීමේ ඒවා දාපු එකට අපි දැඩි ලෙස විරුද්ධ වුණා. ඊට පස්සේ මේ අය එම දැන්වීම් දෙමළ පත්තරවල දාන්න පටන් ගත්තා.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රචනා කළ ‘අල්ජිහාඩ් අල්කයිඩා ග්‍රන්ථය’ වගේම ‘අඩසඳ කළුවර’ කියන ග්‍රන්ථයෙනුත් මේ අන්‍යාගමිකරණය හඳුනා ගන්න පුළුවන්. මැද පෙරදිග සේවයට ගිය බොහෝ පිරිසක් අපට කතා කරලා තියෙනවා. යම් අවස්ථාවකදී වරදක් කරලා අහුවුණොත් ඒ කියන්නේ සුළු වැරැදි විශේෂයෙන්ම වෙසක් කාඩ් එකක් ළඟ තබා ගත්තත් ඒ රටවල හැටියට වරදක් නේ. එහි පොලිසිය වගේ ඉන්න ‘මුල්ලවරු’ අපේ මිනිසුන්ට කියන්නේ ‘උඹලාට මේකෙන් බේරෙන්න ඕනෑ නම් ඉස්ලාමික් වෙයල්ලා’ කියලා. ඉතින් අපේ මිනිස්සු බහුතරය මේකට යටවෙලා. තබ්ලික් ජමාද් මතවාදය කියන්නේ සාම්ප්‍රදායික මුස්ලිම් අයට විරුද්ධ අයයි. සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් බුදු පිළිම කැඩුවේ නැහැ. ප්‍රශ්න ආවත් සාකච්ඡා කරලා ඒවා විසඳාගත්තා. සලෆි, තබ්ලික් ජමාද්, තවුහිද් ජමාද් යන අය පිළිම වන්දනා කරන්නේ නෑ. ‘සුෆී’ මුස්ලිම් මිනිස්සු ඒක කළා. ‘දර්ගා කියන්නේ සොහොන් සුෆී මුස්ලිම් අය ඒක ඇදහුවා. බේරුවල වැලිගම සහිරා විද්‍යාලයේ විශාරද ආචාර්ය එම්. ආර්. මොහොමඩ් කියන අධ්‍යාපනවේදියා අපට ලියුමක් එවනවා. වර්ෂය 2020 පෙබරවා 7 දි. ඔහු එහි ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. ‘සාහිඩ් සුහයිර්’ නමැත්තා පාසලට ගෙන්වලා ‘වහාබ් වාදය’ ව්‍යාප්ත කිරීමේ දේශනා පවත්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සියලු ආයතනවලට රාජ්‍ය ආයතනවලට ආදිය දැනුම්දීලාත් තියෙනවා.
‘වාසිල්, මුන්සිල්’ යන අන්තවාදී අදහස් තියෙන දෙන්නාට පාසල තුළ නිදහසේ හැසිරෙන්න දීලා. කියලත් ඒ ලිපියේ වැඩි දුරටත් සඳහන් වෙනවා. මුස්ලිම්වරයකු හඳුනා ගන්නේ කොහොමද? යුධ සමයේ අපි දැක්කේ නෑ මුස්ලිම් කාන්තාවෝ මුළු ඇඟම වහන ඇඳුම් බුර්කාව වැනි ඒවා අඳිනවා. බහුතරය පිරිමි රැවුල වැවුවා දිගට මේක තමයි ‘වහාබ්’ ක්‍රමය මේ පුංචි රට රැක ගන්න නම් අපි මේ පිළිබඳව වෙනමම කොමිසමක් පත් කරන්න ඕනෑ. සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු භාවනා කරනවා. සොහොන්වලට යනවා. ඒත් අපි කතා කරන මේ සංවිධානවලට අදාළ අයගේ මතය ඒක නෙමෙයි. ‘මේක ලබාගන්න සටන් කරන්න. එතකොට තමයි කන්‍යාවියෝ ලබන්න පුළුවන්. මේ ඔවුන්ගේ මතය.
යුද ජයග්‍රහණයෙන් පස්සේ යුද අපරාධ සම්බන්ධයෙන් අපට සහායට හිටියේ තබ්ලික් නිකාය පාලනය කරනු ලබන මැදපෙරදිග රටවල් මෙරට එක්කරා නායකයෙක් උලමා සභාවට දැනුම් දෙනවා.
අපට ආගමික සහායක් ඕනෑ කියලා අන්න හොඳ අවස්ථාවක් කරගත්තා දේශපාලන හයිය යටතේ මේකට එන්න. ගලේවෙල, කලාවැව, ආදී ප්‍රදේශවල සාම්ප්‍රදායික මුස්ලිම් පල්ලි අපි දැකලා තියෙනවා.
මේ ඔක්කෝම එකතු කරගන්න එක තමයි තබ්ලික් ජමාද් කළේ.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ – ඔබ වහන්සේ සඳහන් කළ මෙරට දේශපාලන නායකත්වය කවුරුන්ද?
ඥානසාර හිමි - ඔහු තමයි විල්පත්තුව කැපුවේ නම හෙළි කරන්න බෑ.
ඕනෑනම් මම නම ලියලා දෙන්නම්. නැතිනම් මට ආයෙත් හිරේ යන්න වෙයි.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය – මුස්ලිම් පල්ලි තුළ මේ මතවාදය ප්‍රචාරය කරන යම් යම් වැඩසටහන් ගැන ඔබ වහන්සේ දැනගෙන හිටියාද?
ඥනසාර හිමි - දුප්පත් අයට උදව් උපකාර කිරීම, ලේ දන්දීම් ආදී සමාජ සේවා වැඩසටහන් මගින් මොවුන් තබ්ලික් ජමාත් මතවාදය ක්‍රියාත්මක කිරීමට පල්ලි හරහා පියවරගෙන තිබෙනවා.
කිංස්බරි හෝටලයට බෝම්බ තිබ්බෙත් ඒ වගේ කෙනෙක් මේ අය සෑම බ්‍රහස්පතින්දාවකම ‘‘මර්කස්’’ කියන දේශන පවත්වනවා. (ලේ දම් දීමේ ක්‍රියාවෙහි යෙදෙන ඡායාරූපයක් කොමිසමට ඉදිරිපත් කරයි.
කාත්තංකුඩි ප්‍රදේශයේ ලේ දන්දීමේ ව්‍යාපාරයක ඡායාරූප 2016 වර්ෂයේ ගත්ත එකක්. එහි සිටින්නේ ‘‘සහ්රාන්’’ හලාල් සිද්ධිය වෙලාවේ ‘‘ලේ දන්දීමේ’’ ක්‍රියාව ගැන ප්‍රශ්නයක් ඇති වුණා. ඒ අය කිව්වා අපි ලේ දෙන්නේ නැහැ කියලා කොහොම හරි එතැනදී මම අල්ටකියාව කියන වචනය කිව්වා කියලා මට නඩු දැම්මා. අල්ටකියාව කියන්නේ රැවටීම, බොරුකීම, වැනි දේවල් ඔවුන් සාමන්‍යයෙන් ලේ දන් දෙන්නේ නෑ. අපි ප්‍රශ්න කළාට පස්සේ ඔවුන් ‘‘ලේ දන් දෙන්න’’ ගත්තා එයාලා ලේ දෙන්නේ නැනේ.
අපි හලාල් සිද්ධිය කාලේ දී මේක ප්‍රශ්න කරද්දි තමයි මේ සහ්රාන් ‘‘ලේ දෙන්න’ ගත්තේ ඔවුන් ඒකෙන් අදහස් කළේ ‘‘අන්තවාදී’’ කියන මතය අතුගා දමා සාමාන්‍ය ජනතාව අතරට යෑමට තමයි මේ සමාජ ක්‍රියාකාරකම් කළේ.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා - තවුහිද් ජමාද් මතවාදය සම්බන්ධ වන්නේ තුමන මතවාදයට ද?
ඥානසාර හිමි - තවුහිද් ජමාද් හි නිර්මාතෘ ‘‘අබ්දුල් වහාබ්’’ ඒක සවුදියේ නිර්මාණය වුණේ. එයින් නිර්මාණය වූ ත්‍රස්ත සංවිධානය අල් කයිඩා ‘‘ අල්ලා මුළු මහත් සමාජයේම මුලින් සිටිය යුතුයි’’
අල්ලා හැර අන් කිසිවකු නැමදුම් නොලැබිය යුතුය.
මේ තවුහිද් ජමාද් කියන එකේ තේරුමයි.
ලංකාවේ තවුහිද් ජමාද් සංවිධානය කොච්චර රැඩිකල්ද කියලා කියනවා නම් මේ අය නබී තුමාටවත් ගෞරව කරන්නේ නෑ. එකම දෙවි අල්ලාහ් පමණයි. මේ තමයි තවුහිද් ජමාද් කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් ‘‘ඒක දේව වාදය’’ යනු තවුහිද් ජමාද් තේමාවයි.
මේ අන්තවාදයට එරෙහිවන අයට කරන්නේ දින තුනක් දීලා ඔහුට පාපොච්ඡාරණය කරන්න කියනවා.
නැවත ආගමට ආවේ නැත්තම් ‘‘ඔහු මරා දැමිය’’
යුතුය මෙහෙම කියලා තියෙන්නේ උසස් පෙළ (අ.පො.ස) සැමට ඉස්ලාම් කියන ග්‍රන්ථයේ, තවුහිද් හඳුන්වා තියෙන්නේ එහෙමයි. (මවුලවියා එම් සුහාරා යන අය ලියා තිබෙන එම ග්‍රන්ථය කොමිසම වෙත ඉදිරිපත් කරයි
‘‘හදීස්’’ හදාරා යහගුණ ඇත්තෝ වෙමු’’
කියලා ඉස්ලාම් ධර්මය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රජයේ 2011 පෙළපොත 7 ශ්‍රේණියේ පොතේ තියෙනවා. හදීස් කියන්නේ ගහපන්, මරපන්, කොටපන්, පිළිම විනාශ කරපන් කියලා, එතකොට කොහොමද ‘‘හදීස්’’ හදාරා යහගුණ ඇත්තෝ වෙන්නේ? 2016 නොවැම්බර් 16 ඉරිදා ලංකාදීප පුවත්පතේ අබ්දුල් රාසික් කියන පුද්ගලයාගේ සාකච්ඡාවක් දාලා තියෙනවා. එකේදි කියනවා ශාඛා 90 ක් ඉන්නවා. ලියාපදිංචි අය දහදාහක් ලියාපදිංචි නොවන සාමාජිකයන් 50,000 ක් විතර ඉන්නවා කියලා කියනවා.
ඔහු තමයි ප්‍රසිද්ධියේ එහෙම ප්‍රකාශ කළේ. ඔහු තමයි සහ්රාන් එක්ක කාත්තංකුඩියට ගිහින් තවුහිද් ජමාත් පිහිටෙව්වේ. අදටත් මේ අබ්දුල් රාසික් නිදැල්ලේ ඉන්නවා.
පුලස්තති මහේන්ද්‍රන් එයා “මොහොමදු හස්තුන් සාරු” නමින් ආගමට ගත්තා. එයාගේ අම්මා පැමිණිලි ගණනාවක් කරලා තියෙනවා පොලිසිවලට. කටුවාපිටිය මරාගෙන මැරුණු හස්තූන් එක්ක ‘‘සාරා’’ විවාහ කරලා දුන්නේ අබ්දුල් රසික් කියන තැනැත්තා.
‘‘මුස්ලිම් විවාහ නීතිය’’ සංශෝධනය කළා. ඒකට මේ අය විතරක් විරුද්ධ වුණා. රට පුරා උද්ඝෝෂණ තිබ්බා. අඩුවයස් ගැහැනු දරුවන් විවාහ කර ගැනීමේ නීතිය විශේෂයෙන්ම විශ්ව දේව නීතිය ප්‍රචලිත කිරීමෙන්ම අයිතිය ඉල්ලමින්. (ශ්‍රී ලංකා තවුහිද් ජමාද් කියන ටීෂර්ට් හැඳි මාලිගාවත්ත ප්‍රදේශයේදී 2016 වර්ෂයේ පැවැත්වූ උද්ඝෝෂණයක් පිළිබඳ වීඩියෝවක් කොමිසම හමුවේ ඉදිරිපත් කරයි.)
ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් තමයි මේ වීඩියෝවේ ඉන්නේ. දැන් සිලෝන් තවුහිද් ජමාද් සංවිධානයේ ඔවුන් කියන්නෙ පවතින නීති වැඩක් නෑ. අවුරුදු හතකින් හරි ගැහැනු දරුවෙක් මල්වර වුණාද එයා විවාහයට සුදුසුයි කියලා. ඒ අය ඉල්ලන්නේ ‘ශරියා නීතිය’
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ - වහාබ් මතවාදය ඇතුළත් සිවිල් සංවිධාන ගැන ඔබ වහන්සේට කියන්න පුළුවන්ද?
ජේ.ඒ.එස්.එම්. පරගහදෙණිය, R.A.S. JASM IIRO, A, MUS, වාමි NIJ, JSN, SLTJ, UTJ, CTJ, IRO, මුස්ලිම් ඒඩ් ආදී විශාල සංවිධාන ගොඩක් තියෙනවා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ – මෙහි JASM සංවිධානය ගැන ඔබ වහන්සේට කියන්න පුළුවන්ද?
ඥානසාර හිමි - මුළු ලංකාවෙන්ම ගත්තොත් ‘‘පල්ලිය ඉදිරියේ නිශ්ශබ්ද වෙනු’’ මෙය නියෝගයක්, මාවතගම, පරගහදෙණිය තියෙන පල්ලියේ විශාල පුවරුවක් සවිකරලා තියෙනවා.
කුරුණෑගල පරගහදෙණිය ප්‍රදේශයේ සිංහල ගම්මානයක් මුස්ලිම් කරලා තියෙනවා. 1947 සුෆී මුස්ලිම් අභිබවලා ‘‘වහාබ් වාදය’’ ඉස්මතු වුණා කියලා ‘‘සරාන්ඩිබ්’’ කියන පොතේ සටහන් වෙලා තියෙනවා. මෙය ඇසිෆ්හුසේන් නැමැත්තකු විසින් 2011 වර්ෂයේදී රචනා කරලා තියෙනවා. ජමාද් අන්සාරියා සුන්නත් මොහමදියා කියන සංවිධානය තමයි මේ JASM කියන්නේ. සහ්රාන් හෂීම් ගේ පාස්කු ප්‍රහාරය අහඹුවක් නොවෙයි. මේක ටික ටික ව්‍යාප්ත වුණ දෙයක්.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ – ඔබ වහන්සේ හැඳුන්වනවා ටී.ජේ. කියලා සංවිධාන 16ක් ගැන. ඒ මොනවාද?
ඥානසාර හිමියෝ - ටී.ජේ. කියන්නේ තවුහිද් ජමාද් කියලා එස්එල්ටීජේ එක හදාගත්තේ අබ්දුල් රාසික් සහ සහ්රාන් හෂීම් එන්ටීජේ එක හඳාගත්තේ සහ්රාන් සීටීජේ කියලා දැන් අබ්දුල් රාසික් හදාගෙන ඉන්නවා.
අයිඅයිආර්ඕ කියන්නේ ජාත්‍යන්තර ඉස්ලාමීය සහනාධාර සංවිධානය. මෙය නො. 658/91 මහවිලැදහනය කොළඹ 09 පිහිටුවා තිබෙන්නේ. මෙරට ඒක බාරව ඉන්නේ නවුෆර් මවුලවි. 1994 අප්‍රේල් 20වැනිදා මෙය ලියාපදිංචි කරලා තියෙන්නේ 21431 අංකය යටතේ. ඔහු ජෛමතුල් උලමා සභාවේ ප්‍රබල සාමාජිකයෙක්. මෙහි ප්‍රධාන කාර්යාලය සවුදි අරාබියේ ජෙදාවල පිහිටා තිබෙනව. මෙම සංවිධානයේ නිකාය තවුහිද් ජමාද්. මෙහි ශාඛාවක් තමයි මෙරට තියෙන්නෙ.
ඒඑම්වයිඑෆ් කියන්නේ අල්සබාබ් කියන සංවිධානයක්. එය මාලිගාකන්ද ප්‍රදේශයේ පිහිටා තිබෙන්නේ. මේ නමින් ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් තියෙනවා සෝමාලියාවේ. මෙහි මෙරට නායකයා වන්නේ තාසිම් මවුලවි. ඔහුද ජමෙතුල් උලමා සභාවේ ප්‍රබල සාමාජිකයෙක්. මම, මේ තැනැත්තා සමග කතා කරලා තියෙනවා. හලාල් සිද්ධිය සම්බන්ධයෙන් රැස්වීමකට මේ අයත් ආවා. අපිත් ගියා. එතැනදි මම කතා කරලා තියෙනවා. ඒත් හඳුනාගන්න අමාරුයි. ඒ අය එකම විදිහටනේ අඳින්නේ.
වාමි කියන සංවිධානය එනම් ලෝක මුස්ලිම් තරුණ සංවිධානයේ මෙරට ශාඛාව. අංක 658/3/1 මහවිල උද්‍යානය කොළඹ 09 ලියාපදිංචි කරලා තියෙන්නේ අංක ඒඑන් 143 යටතේ ඉකුත් 1997 දෙසැම්බර් 12 වැනිදා එය ලියාපදිංචි කරලා තියෙන්නේ. මෙහි සභාපති සුඩාන ජාතික ඕමාන් එදිරි සද්දාද්. මොහු ජමාතේ ඉස්ලාම් මතවාද දරන කෙනෙක්.
සවුදි හි රියාද් නගරයේ තමයි මෙහි මූලස්ථානය. විකිලීස් එකට අනුව ඕමාන් එදිරි සල්දාද් නැමැත්තා ත්‍රස්තවාදියෙක්.
‘වාමි’ එකේ ඉගෙන ගත්තු ළමයින් තමයි අපිට ඇවිල්ල කීවේ හාමුදුරුවනේ මේක හොඳ දෙයක් නොවේ කියලා. වහාම මේක නතර කරන්න කියලා. මෙම ‘වාමි’ නැමැති සංවිධානයේ ‘ඉෂාක්’ කියලා කියන තැනැත්තකු තමයි. එහි ‘අධ්‍යාපයන අංශය’ භාරව හිටියේ එයා. අයි. එස් එකේ අධ්‍යාපන අංශය බාරව ඉන්නේ එයා. ඔහු අයි.එස්. එකට තරුණයන් යොමු කිරීම සඳහා මෙරට කඳවුරු ලංකාව වටෙ පවත්වලා තියෙනවා. ඇතැම් පාසල් දරුවන්ද මේකට ගොදුරු වුණා.
ඉෂාක්ගේ අයියා ‘නිලාම්’ ඔහු සිරියාවේදී ‘අවුල්කි’ සේනාංකයට බැඳිලා මිය යනවා. ඔහු තමයි සිරියාවේදී මියගිය අසි.එස්.අයි.එස්. සංවිධානයේ පළමු ශ්‍රී ලාංකිකයා. ඔහු ගලේවෙල ප්‍රදේශයේ කරාටේ ගුරුවරයකු ලෙසයි සිටියේ.
‘නිලාම්’ගේ මස්සිනාලා දෙන්නෙක් ඉන්වා තවුෆික් සහ තාකීර් කියලා. මොවුන් දෙදෙනාද සිරියාවේදී මියගියා කියලා තොරතුරු මාධ්‍යවලින් දැක්කා. මේ ‘තවුෆික්’ නමැත්තා අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දුරකතන පාලක ලෙසින් එම අංශයට අනියුක්තවත් තාකීර් කියන පුද්ගලයා එම සංවිධානයේ භෞතචිකිත්සකවරයා ලෙසත් කටයුතු කරලා තියෙනවා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. මේ ‘නිලාම්’ නමැත්තා අයි.එස්. සංවිධානය හඳුන්වා තිබුණේ අබු හුරෙයියා සෛලානි නමින්.
අපට ලැබෙන හැම තොරතුරක්ම වගේ අපි බුද්ධි අංශ වෙත ලබාදුන්නා. 2014/07/14 දින ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ රැස්වීමට මම ගියා. එවකට රටේ බෞද්ධ සංවිධානවලට මතු කරමින් තිබෙන ගැටලු ගැන සාකච්ඡා කළා. එයින් පළමු එක තමයි තවුහිද් ජමාත් සංවිධානය මුල් කරගෙන මෙරටට පැමිණෙන විදේශිකයන් පිටුවහල් කිරීම ආදි දේවල් අපි කිව්වා අපි ජමෙතුල් උලමා සංවිධානයෙන් පරිස්සම් වෙන්න කියලා කිව්වා. මේ කාල වකවානුවේ ආරක්ෂක ලේකම් වශයෙන් හිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා. රැස්වීම් පහකට පමණ එතුමා සහභාගි වූණා. හෙන්දෙවිතාරණ මහතා පවා එම රැස්වීම්වල හිටියා.
2014 ජූලි මාසේ වනවිට මා රැස්කර ගෙන තිබු සියලු තොරතුරු එනම් ‘ඉස්ලාම් ආන්තවාදය’ ගැන මා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති රැස්වීමේදී කිව්වා.
ජමාත් ඉස්ලාමික් කියන සංවිධානයේ මුලාරම්භය පකිස්ථානයේ ආරම්භ වනේනේ. එහි නායකයා මවුලදි කියලා සඳහන් වෙන්නේ. 1954 වර්ෂයේදී ජමාතේ ඉස්ලාම් ව්‍යාපාරය ආරම්භ කරන්නේ පාකිස්තානයේ දේශපාලන සංවිධානයක මුලාශ්‍ර කරගෙන. පාකිස්ථානය තමයි මරාගෙන මැරෙන පුද්ගලයෝ ඇති කරලා රට රටවලට යවන්නේ. 1994 වර්ෂයේ ජනරල් සර්වේෂ් මුෂාරෆ් මහතා ඇවිල්ලා මද්‍රසා 20,000ක් වැහුවා. මේ රටටත් පාකිස්තානයෙන් ආපු අය තමයි වඳ පෙති, අවි ජාවාරම්, මත්කුඩු ව්‍යාපාර ආදි දේ ගෙනැත් තියෙන්නේ. ආහාර රස කාරක ගෙනල්ලා මිගමුවේදිත් අහුවුණා. එම්.එෆ්.සී.ඩී. කියලා පදනමක් මේ අය පිහිටුවා තිබෙනවා. බණ්ඩාරනායක මාවත කොළඹ 12 ලිපිනය එහි ඇතුළත්. මෙය විදේශාධාර ලබන සංවිධානක්. සංස්කෘතික කටයුතු සංවර්ධනය කිරීම කියලා තමයි මේ පදනම යොදාගෙන තියෙන්නේ. මේක නිසා හරිම පහසුයි. රට රටවලට වීසා ලබා ගන්න.
ශ්‍රී ලංකා ඉස්ලාමිය ශිෂ්‍ය සංවිධානය කියලා එකේ තියෙනවා. එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් තමයි පිලිමතලාව ප්‍රදේශයේ බුදු පිළිම කඩන්නේ. එම සංවිධානය සහ්රාන් හෂිම්ගේ සංවිධානය සමග බද්ධ වෙලා කටයුතු කළා. හිරා පදනම කියන්නෙත් මෙහි එක් සංවිධානයක්.

