ශ්‍රී ලංකාවෙන් සොයාගත් පළමු ශ්‍රී ලාංකික කොරෝනා වයිරස් ආසාධිතයා සහ ඔහුගේ සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබා ගැනීම මේ වන විට අරඹා තිබේ.
කොරෝනා ආසාධිත පුද්ගලයා මේ වන නිරෝධායනයට ලක් කර මේ වන විට අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සඳහන් කරයි.
52 හැවිරිදි මෙම පුද්ගලයා සංචාරක මග පෙන්වන්නකු ලෙස ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට සේවා සපයා තිබේ.
මෙම පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බව ඊයේ (10) තහවුරු කරගත්තේය.

