
(යොහාන් භාසුර)
‘ලන්වා’ සිමෙන්ති නිෂ්පාදන කාර්මාන්ත ශාලාවක් මිරිජ්ජවිල ආයෝජන මණ්ඩල කලාපයේ ලබන ජනවාරි මස ආරම්භ කිරීමට නියමිතය.
මෙම සිමෙන්ති නිෂ්පාදන කාර්මාන්ත ශාලාවේ මුලික ධාරිතාව මෙටි්‍රක්ටොන් මිලියනයක් වන අතර පසු එහි සමස්ත ධාරිතාව මෙට්ට්‍රික් ටෝන් මිලියන තුනක් දක්වා ඉහළ දැමීමට නියමිතය.
එම කර්මාන්ත ශාලාවට පහසුකම් සැපයීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සහ ලංවා සිමෙන්ති සමාගම අතර ගිවිසුමක් පසුගියදා කොළඹදී අස්සන් කළේය.
එම ගිවිසුමට අනුව හම්බන්තොට වරායෙන් සිමෙන්ති නිෂ්පාදනය අවශ්‍ය අමුද්‍රව්‍ය හැසිරවීම සඳහා කන්ටේනර් ගොඩබෑමේ යන්ත්‍ර දෙකක් ස්ථාපිත කිරීම ඇතුළු පහසුකම් ලබාදීමට නියමිතය.
මෙම සිමෙන්ති සමාගමෙන් සෘජු රැකියා 300 ක් ලැබෙන බව ‘ලන්වා’ සිමෙන්ති සමාගම පවසයි.

