ලන්ඩන් නුවර සිටින සිසුන් ගෙන එන්න යානයක් පිටත් වෙයි


(ටී.කේ.ජී.කපිල )

එංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එහි අතරමං වී සිටින සිසුන් ශ්‍රී ලාංකික සිසුන් , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(05) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන එම ගුවන් යානය අද අලුයම 12.51 ට කටුනායක ගුවන් තොටුපළෙන් , ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් තිබේ .

ඒ අතර ලන්ඩන් බලා ඊයේ   පිටත්ව ගොස් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය , භාණ්ඩ තොගයක් රැගෙන අද 05 දින අලුයම 3.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

අද ලන්ඩන් බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය මගීන් නොමැතිව , ගුවන් යානා කාර්යය මණ්ඩලය පමණක් රැගෙන පිටත්ව ගොස් තිබූ අතර , මෙම ගුවන් යානය උදෑසන 7.13 ට ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .

මෙම ගුවන් යානය ශ්‍රී ලාංකික සිසුන් රැගෙන  ආපසු හෙට (06) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .