(අංජුල මහීක වීරරත්න)
ලග්ගලට ඇතිවී තිබෙන අසාධාරනකම් ඊළඟ වසර දෙක තුනේදී නිදොස් කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලග්ගලදී අද (28) පැවැසීය.
ලග්ගල වතුර ලග්ගල තියා ගන්නත් කලුගඟ ව්‍යාපාරයෙන් අසාධාරණයක් නොවන ආකාරයට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ලග්ගල ප‍්‍රධාන සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී විජේරත්න මහත්මිය ලග්ගලට සිදුවී තිබෙන අසාධාරණකම් තමන්ට දැනුම් දී ඇති බවත් කී අග‍්‍රාමාත්‍යවරයා ඊළඟ වසර දෙක තුනේදී මේ සියලු අසාධාරණ නිදොස් කරන බවද කීය.
‘‘ලග්ගලට අසාධාරණයක් වෙන්න බැහැ. අනික් ඕනෑම ප‍්‍රදේශයකට උදව් කලාට කමක් නැහැ. ලග්ගල වතුර ඒ ප‍්‍රදේශයටත් ප‍්‍රයෝජනයට ගත යුතුයි යනුවෙන්ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවැසූවේ ලග්ගල ප‍්‍රදේශවාසීන් සඳහා ඉඩම් ඔප්පු සහ සමෘද්ධි ප‍්‍රතිලාභ බෙදාදීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.

