(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය හන්දියේදී රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.
සැකකාරිය සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 504යි මිලිග්‍රෑම් 540ක් තිබී පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තැනැත්තියකි.
සැකකාරිය මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

