ලක්ෂ 6 ක කේරල ගංජා සමඟ පාතාල සාමාජිකයකු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

රුපියල්  ලක්ෂ 6 කට ආසන්න කේරල ගංජා , සුඛෝපභෝගී මෝටර් රථයක් හා වෑන්  රථයක් සමඟ පාතාල සාමාජිකයකු වැල්ලම්පිටිය නිවසක දී අත්අඩංගුවට  ගත් බව  නවගමුව පොලිසිය කියයි.

එම සැකකරු සන්තකයේ තිබූ කේරළ  ගංජාවල බර කිලෝ තුනක් බව පොලිසිය පවසයි.

ඉකුත් 24 වැනි දා ඩුබායි රටට පලා යාමට තැත් කිරීමේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් වන වැල්ලම්පිටිය සේදවත්ත ඉෂාර ලක්මාල් නමැති පාතාල සාමාජිකයාගේ මුදල් පරිහරණය කිරීමේ කටයුතු සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතුවලට මෙම පුද්ගලයා යෙදෙන බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. 

අත්අඩංගුවට  ගත් සැකකරු වයස අවුරුදු 37 හැවිරිදි පුද්ගලයෙකි.