ලක්ෂ 50 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දියානුවෙක් අත්අඩංගුවට


(ටී.කේ.ජී.කපිල)

රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ඉන්දීය ජාතිකයකු අද (27) ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී  අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය.

මෙම ඉන්දීය ජාතිකයා නිතර නිතර ගුවන් මගින් ව්‍යාපාරික කටයුතු කරන තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම ගමන් මල්ල පිළිබඳව සැක සිතූ රේගු නිලධාරීන් එය ස්කෑන් පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහි පැත්තක, දුඹුරු පැහැති කඩදාසි කොළවල ඔතා  සාරි කිහිපයක් තුළ  ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ගෙන තිබේ.

මෙහි ග්‍රෑම් 500 කට අධික බරකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකයෙක් කීය.