ලක්ෂ 3 ක වෙනිවැල්ගැට තොගයක් සමඟ පුද්ගයෙක් අත්අඩංගුවට



 
 ( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
 
රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා වෙනිවැල් ගැට තොගයක් ලොරියකින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ හොර රහසේ ප්‍රවාහනය කිරීමට සූදානම් වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි .
 

සැකකරුවන් සමඟ වෙනිවැල් ගැට කිලෝ 1245 තොගයක් පොලිසිය බාරයට ගෙන ඇත.