
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සම්පූර්ණ සහාය ලබාදෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"විදුලි බලය හා සම්බන්ධ ප්‍රධාන නෛතික වෙනස්කමක් පසුගිය කාලයේ සිදුවුණා.පසුගිය රජයත් වර්තමාන රජයත් විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව උනන්දුවක් දක්වනවා.එමෙන්ම ඒ ප්‍රතිපත්ති අඛණ්ඩව ගෙන යනවා.විපක්ෂය හැටියටත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව අපේ පූර්ණ සහාය ලබා දෙනවා.එය ජනන,සම්ප්‍රේෂණ, බෙදා හැරීම්,පද්ධති පාලනය හෝ පරිපාලනයට අවශ්‍ය කරන කාරණා වෙන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

