ලංගමට මහ පිරිසක් බඳවා ගන්න යයි


(සුජිත් හේවාජුලිගේ)

ලංකා ගමනාගමන මණ්ඩලයට රියදුරන් හාරසිය පනහක් සහ කොන්දොස්තරවරුන් තුන්සීයක් බඳවා ගැනීමට කටයුතු කරන බව  ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

කොන්දොස්තරවරුන් වශයෙන් කාන්තාවන්ද බඳවා ගැනේ.

එම කාන්තාවන් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ සඳහා යෙදවීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

එම කාන්තා කොන්දොස්තරවරියන් සඳහා ගුවන් සේවිකාවන්ට ලබා දෙන ආකාරයේ ඇඳුමක් ලබාදීමට කටයුතු කරන බව  ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.