(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් කෝටි හතරහමාරකින් පමණ පහත වැටී ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය දෛනික ආදායම රුපියල් කෝටි අටහමාරක පමණ අගයක තිබූ බවත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් එය රුපියල් කෝටි හතර දක්වා අඩුවී ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දෛනකිව ධවනය වූ ලංගම බස්රථ 5200 ක ප්‍රමාණය 4200 දක්වා අඩු වී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
උපරීම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් මෙම බස්රථ ධාවනය කරන ලෙසට සියලුම ඩිපෝ කළමනාකරුවන්ට උපදෙස් ලබාදී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

